Friday, December 2, 2011

සුපිරිම දවසක සුපිරිම වැඩ ටිකක් -- සාමාජික කාඩ් පත


අද නම අපිට කියන්න ගොඩාක් දේවල් සහ පෙන්නන ගොඩක් දේවල් තියෙනව. :D
මොනවා උනත් කියන්න ඕනේ අද නම්  සුපිරිම දවසක් හරියට කියනවා නම් maxxa දවසක් .


උදේ පාන්දරම වැඩ පටන් ගත්තේ පොඩි ප්‍රශ්නයක් එක්ක අපිට ඕනේ laptop 2න් එකක් ගෙන්න බැරි වෙලා.
මාර seen එක අපිට අනිවාර්යයෙන් laptops 2ක් ඕනේ.
මොකද එකක් ලියුම්,bookmarks හදන වැඩ වලට අනිත් එක practical DVD එක හඬ කවන වැඩේට.
මාර ප්‍රශ්නේ.
ඒත් අපිට ඉක්මනටම  විසඳුමක්  හොයාගන්න පුළුවන් උනා :D
8 වෙනකොට අනිත් laptop එකක් හරි :D

ඊට පස්සේ ගියා  Media unit එකේ අපේ හොඳම  කොල්ලෝ දෙන්නව අල්ලාගෙන අපේ ලොක්කෙකුත් කතා කරගෙන හඬ කැවීමේ කටයුතු කරන්න.
පැනපු ගමන් කැපී යකා කිව්වලු.
අංශ ප්‍රධාන ශාන්ත පතිරන සර් "අද ඕවට වෙලාව දෙන්න බෑ අද වැඩ කරනවනේ වැඩ පාඩු වෙනවනේ " කිව්ව මොනවා කරන්නද සේරම අකුලාගෙන ආව.

අන්තිමට බලද්දී section එකේ කොල්ලෝ society එකේ වැඩ.L Block එක හිස්.
අන්තිමට බැලුවම නටපු තොවිලෙකුත් නෑ බෙරේ පළුවකුත් නෑ වගේ තමයි.
මොනව කරන්නද සර් කෙනෙක් නේ.ඒ වැඩේ සඳුදට කල්  ගියා.

මම කලින් කිව්වනේ නිල මුද්‍රාවක් ගැන.
අන්න ඒක අද හදල තිබුන. ඒක නැතුව අපේ කිසිම සංගමයේ කිසිම ලියවිල්ලක් වලංගු වෙන්නෙ නෑ .
අපේ සේරම මුල්‍යම කටයුතු වල ඒක ඇතුලත් වේවි ඉක්මනටම.

අලුත්ම වැඩේ තමයි Membership Card එක.
මේක ප්‍රේමතිලක සර්ගෙ අදහසක්.
සර්ට අනුව සමහර ළමයි එනවලු අස්වීම් සහතිකෙට sign එක ගන්න මම RCSS එකේ හිටිය කියල.
හොයල බලනකොට අඩුම ගානේ සාමාජික ගාස්තුවත් ගෙවල නෑලු.
ඒක නිසා සර් නියෝග  කරා සාමාජික ගාස්තු එක්ක රිසිට් එකක් නිකුත් කරන්න කියල.
රිසිට් එකක් නිකන් චාටර් වගේ නිසා අපේ කට්ටිය ඒක modify කරල card එකක් කරා.
ඒක නම් maxxa ඒ card එක නිකුත් කරන්නෙ අර මම කියපු නිල මුද්‍රාවත් එක්ක.
එක නැත්තම් card එක වලංගු වෙන්නෙ නෑ.
මේකේ නම සහ පන්තිය ඇතුලත් වෙනව.
තව card ඒක නැත්තම් අස්වීම් සහතිකේ society එකේ හිටිය කියලවත් ලියවෙන්නෙ නෑ.
මේ කොන්දේසිය නිසා පුර්ව දැනුම්දීමකින් තොරව 70වකගෙන් විතර අපිට සල්ලි අදයි ඊයෙයි එකතු කරගන්න පුළුවන් උනා.මහා ගානක් නෙවෙයි හොඳේ එක්කෙනෙක්ගෙන් රුපියල්  100යි ගන්නෙ
මුද්‍රණ කටයුතු අත්තිකාරම් ගෙවීම් සේරම කෙරුනේ ඒ සල්ලි වලින්.

අද දවසට කර ලොකුම වැඩේ තමයි Sponsorship Conditions ඇතුලත් සවිස්තර වාර්තාව නිර්මාණය කිරීම.
එකේ අඩංගු වෙනව අපේ

  • අපේ විධයක මණ්ඩලේ විස්තර 
  • අපේ මෙහෙයුම 
  • අපේ දැක්ම 
  • අපේ ඇස්තමේන්තුගත අය වැය 
  • සහභාගී වෙන පාසල් 
  • අනුග්‍රාහක භවතුන් සඳහා කොන්දේසි 
  • අනුග්‍රාහකත්වය දක්වන්න අයදුම්පත  

ආදී ගොඩක් විස්තර මේක පිටු 15ක විතර A4 size පොතක් සෑම අනුග්‍රාහක භාවතෙක්ටම මේ පොතක් නිකුත් කරනව.
අහ් තව මේකේ අපි ඇතුලත් කරල තියෙනව අනුගරහකත්වය දක්වන්න විවිධ package කීපයක්


  1. Platinum Sponsorship (Main Sponsor)
  2. Gold Sponsorship (Co-sponsors) 
  3. Silver Sponsorship (Sponsors) 
  4. Bronze Sponsorship (Other Sponsors)
මේව ගැන පුර්ණ විස්තර කරන ඒක හරි නෑ නේ හෙහෙ රාජ්‍ය රහස්  ;)



අපි තව අලුත්ම විදියේ වැඩක් කරා.
මෙච්චර කල් අපි ලියුම් කවර ගහද්දි  society එකේ name ඒක දාල ලියුම් කවර print කරපු ඒක තමයි කරේ.

එත් අපි කරන්නෙ sticker එකක් ප්‍රින්ට් කරල තියෙනව. ඒක හැම ලියුම් කවරෙකම අලවනවා.
ලියුම් කවර වල විතරක් නෙවෙයි තව බොහෝ ලියවිලි වල මේක අලවෙනව.
වැඩේ නම් quality ලස්සනයි.

ඔය අතරේ තව පොඩි ප්‍රශ්නයක් උනානේ.
අපි ගෙනාපු laptop එකක් overheat වෙලා අස්පට් ගැහුවා.
එත් දැඩි ලෙඩක් නෑ අපේ බාස්ලා පැය  බාගයක් යනකොට ඒක හැදුව.
වැඩ කරනකොට කොහොමත් ප්‍රශ්න එනවනේ.

කොහොම උනත් අද අපේ තිබුන ගැම්මට හවස 3.30 වෙනකන් වැඩ ටික කරා.
ඒ වෙනකොටත් සාමාජිකයෝ 11 ක් විතර ඉතුරු වෙලා හිටිය.
විහිළුවෙන් වැඩ කරනකොට වෙලාව යනවා දැනෙන් නෑ හරිම විනෝදයි හරිම ආසයි.
මහන්සිය නැතුව යනවා නිකන්ම.

කොහොමෙන් කොහොම හරි file එකේ design එකත් අද හදල ඉවර කරා
Scan කරන්න විතරයි ඉතුරු උනේ.

මේව තමයි latestම තොරතුරු

ගොඩක් හොඳට සේරම වැඩ කෙරීගෙන යනව
ඉඩ ලැබුණු ගමන් අලුත් news දෙන්නම්කො

අපේ වැරදි තියෙනවා නම් පහලින් comment එකක් හරි rcssapi2012@gmail.com ලිපිනයට mail කරන්නකෝ

අපිව  Twitter වල Follow කරන්න RCSSrcg
අපේ youtube channel එකට subscribe වෙන්න apircss









සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට          







1 comment:

Unknown said...

ah,...ammapa qwa wage welawa yanawa nam dannenema na.....laptop overheat wuna kiyanne,ayet athak wath thiyanawa boru,....ape mr.president ta pin sidda wenna ekath haduwa.....heta wada godaaaaai,hetath a wada tika sarthakawa nima karaganna haki wewa kyala mama prarthana karanawa,...

Post a Comment

අපි ගැන හොඳ නරක කියන්න