Wednesday, November 30, 2011

සාර්ථක දිනයක් !!!!




අද නම ගොඩක් සාර්ථක දවසක් අපේ සංගමයට
මොකද අද අපි permission ඉල්ලපු හැමදේටම ඉතාමත් ඉක්මනට අනුමැතිය ලැබුන.  :D



අපි ඊයේ කිව්වට නිල නොවන විදියට දෙවෙනි meeting එක ගන්න අදහසක් අද තිබුන කියල
එත් සුනිල් ප්‍රේමතිලක සර්ගේ පොඩි අසනීප තත්ත්වයක් නිසා ඒක සිකුරාදාට කල්  ගියා.

ඒ උනාට අපේ සංගමයේ විධායක මණ්ඩලය නේවාසිකාගාර ළඟ   නිල නොවන විදියේ සාකච්ච වට කීපයක් පැවැත්තුව.ඒවගේ ප්‍රතිපලයක් විදියට තමයි අද මේ අවසර ගැනිම් වැඩ කටයුතු වුනේ

ඒවා ගැන කිව්වොත්

1.අනුග්‍රාහක භවතුන් ලබා ගැනීම සහ ඊට අදාළ නීති කොන්දේසි

ඒ අවසර ලිපියට අනුව අපිට පහත තියෙන දේවල් කරන්න අවසර තියෙනව

  • ආචාර්ය C.W.W කන්නංගර ශාලාව ඇතුලත බැනර් ප්‍රදර්ශනය 
  • LCD රුපවාහිනි තිරයක් මත දැන්වීම් ප්‍රදර්ශනය 
  • File කවරය ඇතුලත දැන්වීම් ඇතලත් ඇත පත්‍රිකා එක් කර බෙදා හැරීම 
  • සංයුක්ත තැටියට වෙළඳ දැන්වීම් ඇතුලත් page එකක් එක් කිරීම 
අවසරය නිසා අපේ මුදල් කමිටුව ඒ පිලිබදව කටයුතු කරගෙන යනව
තවත් දෙයක් කියන්න කැමති මේ post ඒක කියවන කාට හරි ඉහත කොන්දේසිවලට එකඟව අපිට අනුග්‍රහය දක්වන්න නම් අපිව rcssapi2012@gmail කියන ලිපිනය හරහා සම්බන්ද කරගන්න

2. Bookmarks මුද්‍රණය සදහා අවසරය 

මේකට අපිට අවසර ලැබුනේ අද දවල් 1.19ට විතර 
මේ පිලිබදව අපි ඉදිරියේදී විස්තර කියනම්

3.පාසැල තුලට laptop රැගෙන ඒමේ අවසරය 
මේකට අවසර දුන්නේ නම් 1.23ට 1st bell ගැහුව්ටත් පස්සේ  :D
මේ දවස්වල term test ඉවර නිසා ටි‍ක නිදහස තියෙනවනේ
එකෙන් උපරිං විදියට ප්‍රයෝජන අරගෙන 2011 අය්යල සුපිරියටම හදපු
Practical DVD එකේ 2012 සංස්කරණයේ වැඩ කටයුතු ඉවර කරගන්න හිතාගෙන ඉන්නේ
ඕවට අමතරව ගවේෂණ සඟරාවේ වැඩත් නැගල යනව
පුළුවන් පුළුවන් විදියට විස්තර ඉස්සරහට කියන්නම්කො 


අපේ වැරදි තියෙනව නම් පහල comment එකක් හරි
rcssapi2012@gmail.com කියන ලිපිනයට mail එකක් හරි එවන්නකො

තව අපි දැන් Twitter  වලත් ඉන්නව යන ගමන බලාගෙන Follow කරගෙන යන්න RCSSrcg
ඒවගේම අපේ Youtube Channel එකත් තියෙනව එකට Subscribe වෙන්න අපි නිර්මාණය කරපු සේරම Videos තියෙන්නේ එතන 





සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට 

No comments:

Post a Comment

අපි ගැන හොඳ නරක කියන්න