Tuesday, December 6, 2011

අනුග්‍රාහක භවතුන් සොයා.....

පිටත් වූ  කණ්ඩායම 

අද විද්‍යා සංගමයට තවත් විශේෂ දවසක්
මොකද අද අපි නිල වශයෙන් අනුග්‍රාහක භවතුන් හොයාගෙන යන්න පිටත් උනා


අපි කණ්ඩායම් දෙකක් විදියට බෙදුන.
එක කණ්ඩායමක් ගාල්ලෙ උතුරු පැත්තටත් අනික කණ්ඩායම දකුණු පැත්තටත් පිටත් උනා.
මේ වෙනකොට (1.21 pm ) එක කණ්ඩායමක් අසාර්ථකව අපේ ප්‍රධාන රැස්වීමේ මධ්‍යස්ථානයට වාර්තා කරල තියෙනව.
අනිත් කණ්ඩායමෙන් දැනට ලැබෙන තොරතුරු වලට අනුව ඔවුන් දැනටමත් ඇති විශාල සාර්ථකත්වයක් සහිතව මේ පාසැල කරා එමින් සිටිනව.
කියන්න පුළුවන් තොරතරු තිබුනොත් අනිවා බ්ලොග් එකට දාන්නම්කො...

මිට අමතරව අපිට ඊයේ වැඩ කරන්න ලැබුන place එකම අදත් පාවිච්චි කරන්න ගාමිණී ජයවර්ධන  සර් සහ දමිත් ප්‍රසන්න සර් අපි‍ට අවසර ලබා දුන්නා.අපගේ හද පිරි ස්තුතිය ඔවුන් දෙදෙනාට පුද කරන්න ඕනෙ
මේ වගේ සියලු සැප පහසුකම් සහිත කුටියක්‌ ලබා දුන්නට .

ඔය අතර අපේ සාමාජික ගාස්තු වැඩේ නැගලම  යනව.
දැනට ගණනය කිරීම් වලට අනුව 107 දෙනක් සාමාජිකයන් වෙලා තියෙනව.
එයින් ලැබෙන මුදල් මත තමයි මේ දවස් වල සියලුම වියදම් කෙරෙන්නෙ.

තව අද අපි ආරාධනා පත්‍රය design කරා.ලස්ස්නන්ට වැඩේ තියෙනව.අපේ Photoshop වැඩකරයා මේ දවස්වල මාර  busy මේ වැඩ නිසා මිනිහ උදේ ඉඳං රෑ වෙනකන් PS තමයි

අපේ Art වැඩර් file එකේ වැඩ වලට දවසෙම වගේ මහන්සි වෙනව
උදේ ඉඳං පින්සලක් බදාගත්ත ගමන් තමයි

තව අපේ Science Day  සම සංවිධායකතුමා.මැරීගෙන වැඩ. ඊයේ රෑ මිනිහ මට msg එකක් දාල තිබුන 2.23am
විදේශ කටයුතු සම්බන්ධිකරණය කරන්න ගියාම එහෙ අය නැගිටලා ඉන්නකොට එපයි අපි කතා කරන්න.හික් හික්
මොනවා උනත් මිනිහ වැඩේ නියමෙට කරනව.
                                                                           
         



අපිට maxxa  බඩගරික තුමෙක් ඉන්නව                  
දවස ගානේ account balance කරවනව.එතකොට කරදරයක් නෑ නේ.පහුවෙනකොට වැඩ කරන්න ලේසි වෙනවා.
අනික මිනිහ සතයක්වත් ලේසියෙන් හොල්ලන් නෑ.
ලස්සනට වැඩේ කරනව.

අන්තිමට අපිට ටිකක් විවේක කාලයක් ලැබුන
ඔය වෙලාවේ අපි පටන් ගත්ත drama එකේ script ඒක ලියන වැඩ ටිකයි
හඬ කැවීම සඳහා script ඒක ලියන වැඩ කටයුතු ටිකයි
ඒ වෙලාව නම් විනෝදෙන් සිනහවෙන් පිරුණු පය කිහිපයක් උනා
10දෙනුකුගේ විතර අදහස් සංකලනයෙනන් අපුරු තිර පිටපත් ලියවුනා
අපිට කාලේ ගෙවෙනවා දැනුනේ නෑ

එක බත් එක 11 දෙනෙක් කෑම 
කොහොම උනත් මේ සංගමය සහෝදරත්වයෙන් බැඳුනු ආදරණිය සංගමයක් වෙලා හමාරයි
අපේ එකමුතුකමට ධෛර්යත් එකතු උනාම මේ ලෝකේ අපිට කරන්න බැරි දෙයක් නෑ කියල වගේ හන්ගීමක් වෙනව
ඇත්තම කියනව නම් Science society එක අපේ ජිවිතේ වෙලා ඉවරයි දැන්

අපේ වැරදි හොඳ නරක මුනටම කියල දාන්න
පහලින් comment එකක් හරි අපිට mail එකක් හරි එවන්න rcssapi2012@gmail.com

Twitter වල අපිව Follow කරන්න RCSSrcg
අපේ Youtube Channel එකට Subscribe වෙන්න apircss

සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට 

1 comment:

Unknown said...

dan nam mage as 2kath ridenawa qwa wage,ada ude indanma PS walane,

Post a Comment

අපි ගැන හොඳ නරක කියන්න