Friday, December 9, 2011

සැරසිලි කටයුතු ආරම්භ කෙරේ.....

අද 3 වෙනි පාසල් වාරෙ අන්තිම දවසනේ
එක නිසා වැඩ ගොඩයි
මොකද අදින් පස්සේ වැඩ වලට ප්‍රින්සිපල් සර්ගෙ ගාමිණී සර්ගෙ අත්සන් ගන්න ලේසි නෑ

සේරම වැඩ ටික අද කරගන්න ඕනෙ
ලියකියවිලි අංශය අද මාර busy

ඒ වගේම bookmark අංශයත්
පොඩි උන්ට පුළුවන් තරමක් විකුනන්න ඕනෙ සහ කට්ටියට බෙදල ඉවර කරන්න ඕනෙ .
ආයමත් දවසක් එන්නෙ නෑ නේ
ඒක නිසා  කට්ටිය උදේ ඉඳලම වැඩ .

ඔය අතරෙ RCSS 2011 කණ්ඩායමේ උප සභාපති අදීශ අය්යත්
ප්‍රධාන සංවිධායක සසලංක අය්යත් මානවඩු අය්යත් අපේ රැස්වීම මධ්‍යස්ථානයට ආව.
ඒ අය්යලගේ අත්දැකීම් උපදෙස් අපිට ගොඩක් ලොකු පිටුවහලක් අපේ ඉදිරි වැඩකටයුතු වලට.
අපි ගොඩක් ස්තුතිවන්ත වෙනව ඒ අය්යලට අපිට කරන උදව් වලට .

ඊට පස්සෙ අපේ සැරසිලි කමිටුවඅපිට  බාර දුන්න.
අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක්
paint ලීටර් 12යි
තීන්ත බුරුසු 3යි
hard bord 10යි

අපේ දෙන්නෙක් ඕව ගේන්නයි .
තව කාගෙන් හරි කියක් හරි කඩාගෙන එන්නයි ගියා ගාලු. (11 am )
town එකෙත් ඇවිදල.
අන්තිමට ගියා UKG එක පැත්තෙ .
list එක  පෙන්නුව
රුපියල්  11 390යි
මොනව කරන්නද  එච්චර අතේ සල්ලිත් නෑ .
තිබුන ගාන දීල
තින්ත ලීටර් 6යි
hard bord 5යි ත්‍රි වීල්  එකක පටව ගත්ත.

ඉස්කෝලෙට හදපු අලුත් පාරෙන් තමයි තුලට ගත්තෙ.
පත කන්ද නේ.
කන්ද මැදදී හිටියනේ ත්‍රි වීල් එක .
අපේ දෙන්න බැහැල තල්ලු කරල තමයි උඩට ඇද ගත්තෙ.
කොහොමෙන් කොහොම හරි වැඩේ කෙරුණ .
හෙට ඉඳං සල්ලි ලැබෙන ලැබෙන විදියට decoration වැඩ පටන් ගනීවි.

මේව තමයි අලුත්ම ආරංචි
තව news ලැබුන හැටියේ දන්වන්නම්කො

අපේ හොඳ නරක පෙන්නන හොඳේ
පහලින් comment එකක් හරි අපිට mail එකක් හරි එවන්න rcssapi2012@gmail.com

Twitter වල අපිව follow කරන්න RCSSrcg
අපේ Youtube Channel එකට Subscribe වෙන්න apircss












සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට 



                                                                                                                             




No comments:

Post a Comment

අපි ගැන හොඳ නරක කියන්න