blog එකේ දාන්න බැරි උනාට ගොඩාක් වැඩ කෙරුන කාලයක්
බ්ලොග් පොස්ට් දාන්න බැරි උනෙත් ඒ අධික වැඩ තොගේ නිසා තමයි
මුලුන්ම කියන්න ඕනෙ අපේ රැස්වීම් ශාලාව නිවාඩු කාලය තුලත් භාවිත කරන්න ඉන්ද්‍රලාල් ගුරු පියා අපිට අවසර දුන්නා එතුමාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනව මුලින්ම
ඊයේ (07) අපිට වැදගත් දවසක්. මොකද RCSS 2011 කණ්ඩායමේ
සභාපති සජාත් ලක්ෂිත් පෙරේරා අය්ය හා රොෂාන් පන්ඩ්ත අය්ය අපේ සංගමය වත්මන් කමිටු සාමාජිකයන් සමග රැස්වීමක් සංවිධානය කරගන්න හැකි උනා.
රැස්වීමේ වැඩ කටයුත් කොහොම හරි පැය 3ක් විතර පැවැත්වුණා.
අපේ කමිටු සාමාජිකයන්ට තිබුන ප්‍රශ්න ගොඩකට ඊයේ සාර්ථක පිළිතුරු ලැබුන
තව අපේ සංවිධායක මණ්ඩලයට අවවාද,උපදෙස්,නව අදහස්
ගොඩක් අපිට හම්බ උනා
සජාත් අය්යටත් රොෂාන් අය්යටත් අපි ගොඩක් ස්තුති වෙන්ව
අපිට කරන උදව් වලට
ඒක අපිට ගොඩක් හය්යක්
ඊට පස්සේ තමයි අනික වැඩ වලට enter උනේ
අපේ මුල්‍ය අංශය වහාම ක්‍රියාත්මක වෙලා ගාලු බල පිටත් උනා
ඉතුරු අනුග්‍රාහක භවතුන් හොයන එන්න
manzට ගොඩක් සම්බන්දකම් තියෙනෝ ඒක නිසා බයක් නෑ.ගාලු බැස්සොත් ඉලක්කම් 5ක ගානක් කොහෙන් හරි කඩන් එන්නෙ :D
ඊළඟට තමයි අපේ Group Photo ඒක ගහන වැඩ කටයුතු ආරම්භ කරේ
ඉස්සෙලා පරිපාලනයෙන් අවසර අරගෙන අපේ කට්ටිය ගියා දීපාල් සර්ව හම්බුවෙන්නඒ සර් තමයි පාසලේ සේරම photos ගන්න වැඩ කරන්නෙ
එතුමාගේ අදහස අනුව උදේ 7 ත් 7.30 ත් අතරේ පින්ත්රේ ගන්න ඕනෙ කිව්වා නැත්තං ඉර එළියෙන් කරදර වෙනවලු.ඒක නිසා අපේ කට්ටිය ඉක්මනට ගුරුවරුන්ට පණිවිඩේ දුන්න
ළමයින්ටත් පණිවිඩේ යැව්වා
ඔය අතරේ අපේ නාට්‍ය කණ්ඩායම බරටම වැඩ
අලුත්ම තලේ තිර රචනයක් ලියනවමමත් පැත්තකට වෙලා අහන හිටිය
අන්තිමට එතනින් කපුනේ හිනා වෙලා හුස්ම හිර කරගන්න ඕනෙ කමක් තිබුනේ නැති නිසා හික් හික්
maxxa නාට්‍යක්. ඉවසන් ඉන්නකෝ
ඒ වගේම අපේ PS වැඩර් දෙකේ දාල ආරාධනා පත්‍රය නිර්මාණය කරනවා
අපි වැඩක් කරොත් කොහොත් සුපිරි නිසා ඒක ගැන කතා කරන්න දෙයක් නෑඅපිට Graphic Eye එකෙන් bookmarks ගන්න එන්න කියල කිව්වේ අද (08) එත්
අපේ සභාපති නිකන් වැඩේ කෙරෙනවද බලන්න call එකක් ගත්ත
දෙන දෙවියෝ උඩ පැන පැන දෙනව කිව්වලු
හවස 6ට එන්න කියපි
මාර seen එක අපි එකට ලෑස්ති වෙලා හිටියේ නෑ
අවශ්‍ය නුල් punch කරන විදි අපි කිසි දෙයක් ගැන හිතල තිබුනෙ නෑ
වෙලාවත් 4යි
මොනවා කරන්නද ගියා shopping මම ආසම නැති වැඩේ රෙදි කඩ අස්සේ රිංගන එක
මමයි උප ලේකම්තුමයි ප්‍රධාන සංවිධායකතුමයි අපේ art වැඩර්නුයි බැස්ස town
ගණනයට අනුව ribbon මීටර් 450 ක් ඕනෙ
බැලින්නම් යාර ගානට දෙන්නෙ.ගත්ත යාර 500ක්.

අපේ භාණ්ඩාගාරිකතුමාට රියදුරු බලපත්තරේ ලැබිල අලුත
පොඩි van එකකුත් තිබන
මිනිහවත් අල්ලාගෙන මමයි සභාපතිතුමයි ගියා තල්පෙ හවස 7යි
3000ක් print කරා
1000 ක් විතර මගදීම යැව්ව ප්‍රධාන සංවිධායකතුමාට හදාගෙන එන්න කියලඉතුරු ටික අපි සභාපතිතුමාගේ ගෙදර උස්සන් ගියා
එහෙ කොල්ලෝ 5ක් විතර සෙට් වෙලා bookmark හැදුව.කට්ටියම ගොඩක් මහන්සි වුනා
නුල් මදි වෙලා වැඩේ නවත්තනකොට පාන්දර 1.30
ඊට පස්සේ කට්ටියම shape එකේ ගෙවල්වල පැනගත්ත
මොකද උදේ group photo එක ගන්නවනේ
bookmark හදන වැඩේට සහභාගී වෙච්ච හැමෝම එනකොට ටිකක් පරක්කු උනා
ගොඩක් මහන්සි නිසා නින්ද ගිහින් තිබුනඑත් ගොඩක් දුක හිතෙන කාරණාවක් කියන්න තියෙනෝ
ආරංචි හැටියට මටත් අපේ කිපදෙක්ටත් ළමයි කියල තියෙනවා
සංවිධායක මණ්ඩලේ ආදර්ශමත්බව කියපු වෙලාවට වැඩක් කරන්නෙ නෑ කියල
එහම කියපු එක්කෙනා මේ බ්ලොග් එක කියවනවද මම දන්නේ නෑ
දන්න කෙනෙක් ඉන්නව නම්ගිහින් කියන්න
අපි උඹලට වඩා ගොඩක් දුක විඳිනවා මේ උත්සාහය සාර්ථක කරගන්න අපි ඒවා පෙන්නනෙ නෑගොඩක් වියදම් කරන්නෙ අතේ සල්ලි වලින්
අපි සමහර දවසට දවල්ට කන්නෙ 4ට
ගෙවල් වල යන්නේ හවස 5ට 6ට නිදාගන්නෙ එළිවෙන පාන්දර
එහම කරන්න ලාභයක් බලාගෙන නෙවෙයි
කට තිබුන පලියට කියවන්න එපා
ඔය වගේ කතා ඉදිරියට කියන්න ඉන්න කට්ටියටත් එක්ක කිව්වේ හොඳේ.හොඳට හිතේ තියාගන්න
කට්ටිය එක විදියකට තියාගන්න හරි අමාරුයි
මාර කට්ටක් කාල කොහොම හරි 8.30 විතර වෙනකොට ෆොටෝ අරන් ඉවර උනා
ඊට පස්සේ කමිටු රැස්වීම පවත් උනා
අපේ නව මුලස්ථානයේ
ඒ සඳහා
සුනිල් ප්‍රේමතිලක සර්
නාලක කුලතිලක සර්
දමිත් සමරවික්‍රම සර්
සහ අපේ කමිටු සාමාජිකයන් සියලු දෙනා සහභාගී උනාඒ රැස්වීමේදී
සැරසිලි
මුල්‍ය අංශය
සඟරා අංශය
practical DVD අංශය
ආදී ගොඩක් පැති ගැන කතා කරා
විනාඩි 45කට අසන්න වෙලාවක් රැස්වීම පැවතුන.
අනතුරුව තමයි අපි bookmark විකුණන වැඩේට බැස්සේ
ඉස්සෙලම අපේ කමිටු සාමාජිකයෙක් තොරෙල
එයාට bookmarks සේරම ටික බාර දුන්න
එතනින් තමයි සේරම bookmark නිකුත් කරන්නෙ
කොහොමෙන් කොහොම හරි අද පාසැල අරිනකොට 100කට එහා පැත්තේ විකුණලා ඉවර කරා
ඔයාලටත් ඉදිරියේදී මේව ලැබෙයි
තමන්ගේ වත්කමේ හැටියට පලුවන් තරමක් අරන් අපිට හෙල්ප් එකක් දෙන්න
දැනට ඕව තමයි අලුත් news ඉඩ ලැබුන ගමන් අනිවා පොස්ට් එකක් දැන්නම්
අපේ හොඳ නරක කියන්න
පහලින් comment එකක් හරි
අපිට mail එකක් හරි එවන්න rcssapi2012@gmail.com
සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට





No comments:
Post a Comment
අපි ගැන හොඳ නරක කියන්න