මේක තමයි අපේ පලවෙනි post එක. ඉතින් එහෙනම් අරඹමු මෙසේ...
මුලින්ම අපේ society එකේ Organizing committee එකට පත් උනේ කව්ද කියල දැනුවත් කරන්න එපැයි.
කැති පොලු උදලු බ්ලේඩ් තල කතුරු අස්සේ
සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වුනේ 2011 නොවැම්බර් 9 වෙනිදා
සම්ප්‍රදායිකව ප්‍රධාන ශාලාවේ රැස්වීම ගත්තෙ.
එකේදී අපේ Organizing committe එකට පත්වුනේ මේ අය තමයි
සභාපති - ආදිත්‍ය ජයසේකර
උප සභාපති - මනුර ද සිල්වා
ලේකම් - කාශ්මීර් කරුණානායක
උප ලේකම් - දිලුම් තරින්ද
භාණ්ඩාගාරික - ඉසුරු අනුරාධ
ප්‍රධාන සංවිධායක - සචින් වික්‍රමසේකර
අහ්..
තව ටිකෙන් අමතක වෙනවා
අපේ සංගමයේ අනුශාසකතුමා වෙනද වගේම සුනිල් ප්‍රේමතිලක සර් තමයි
දෙවැනි අනුශාසකතුමා නාලක කුලතිලක සර්
ඒ වගේම අපේ ජේෂ්ඨ භාණ්ඩාගාරික උනේ දමිත් සමරවික්‍රම සර්
අපි ගොඩක් ආදරේ කරන ගුරුවරු ත්‍රිත්වයක් යටතේ වැඩ කරන්න ලැබුන එකත්
අපිට ලබනු වාසනාවක්
කොහොමෙන් කොහොම හරි අපේ පලවෙනි කමිටු රැස්වීම
නොවැම්බර් 11 පවත්වන්න ඉඩ කඩ ලැබුනා.
එතැනදී තව
විද්‍යා දිනයේ ප්‍රධාන සංවිධායක - තිසුර ඉෂාන්
ප්‍රයෝගික වැඩමුළුවේ ප්‍රධාන සංවිධායක - ලසන් සදීප
ගවේෂණ සඟරා කර්තෘ - ප්‍රවීන් වික්‍රමසේකර
Souvenir නිර්මාණය - චමල් ප්‍රශාන්
CD නිර්මාණය - චානක නාකන්දල
File නිර්මාණය - දිලීප ප්‍රවීන්
මුල්‍යමය කටයුතු - උදිත ඉෂාන්
ලිපි හා ආරාධනා කටයුතු - සංකල්ප උදරංග
කියන කට්ටිය බාරගත්ත .
එතැනදී වැඩ ටික වුනේ කොහොමද කියල
මෙතනට ගිහින් බලන්න
ඕව මේවා අස්සේ T-Shirt එක print කරන කට්ටියත් වැඩ පටන් අරගෙන තිබුනේ
design එකතු කරලා තෝරලා කොළඹ ඇවිද කට්ට කාලා සල්ලි එකතු කරලා ගොඩක්
මහන්සි වෙලා සිකුරාදා(25) වෙනකොට ගෙනත් තිබුන.
ආරංචි හැටිය අද(28) වෙනකොට 100කට වැඩ අරගෙන තියෙනවා.
දැනට පවතින දැඩි ඉල්ලුම තවත් ඉහල ගියොත් අයෙ පාරක් print කරන්න අදහසකුත් තියෙනව
ඒ වැඩ උනේ කොහොමද කියල මෙතනට ගිහින් බලන්න.
තව අපි Book Mark ටිකකුත් design කරලා තියෙනවා ඒ ටිකත් මේ සතිය ඉවර වෙනකොට
print වේවි.
තව ගිය අවුරුද්දෙ අය්යල හදපු practicals තියෙන DVD එක තව දියුණු කරලා අයෙමත් out කරන්න
සර් යෝජනා කරා.
අර කලින් කිව්ව කැති පොලු උදලු බ්ලේඩ් තල කතුරු නිසා ගිය අවුරුද්දෙ අතිසාර්ථක වෙච්ච
ප්‍රයෝගික පරීක්ෂණ වැඩමුළුව තවම සාකච්චා මට්ටමේ
Science Day එක නම් ජනවාරි 30 සඳුදට දින නියම කෙරිලා තියෙන්නෙ
එකට තව කොච්චර කල තියෙනවද කියල පොඩ්ඩක් දකුණු පැත්ත බැලුවොත් පෙනේවි
හ්ම්ම් දැනට නම් කියන්න තියෙන්නෙ ඔය වැඩ කටයුතු තමයි
අලුතින් වෙන දේවල් මේ බ්ලොග් එකෙනුයි තව අපේ
Richmond College Science Society Facebook Fan Page එක මගිනුත් දැනගන්න පුළුවන්.
අලුත් යෝජනා අලුත් අදහස් වලට අපි ගොඩක් කැමතියි
අපේ වැරදි පෙන්නල දෙනවටත් අපි ගොඩක් කැමතියි
එක නිසා මෙතැන comment එකක් හරි නැත්තම් rcssapi2012@gmail.com
කියන ලිපිනයට mail එකක් හරි දාන්නකෝ
සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට



No comments:
Post a Comment
අපි ගැන හොඳ නරක කියන්න