මේ දවස් වල බ්ලොග් එක ලියන්නවත් හරියට වෙලාවක් හම්බ වුනේ නෑ.
අධ්‍යාපනික වැඩ කටයුතු සහ සංගමේ වැඩ කටයුතු නිසා සේරම කස්ටිය busy වෙලා හිටියෙ.
අද යන්තම් වෙලාවක් හම්බ වුනා ලියන්න.
ඔන්න එහනම් අද මම පටන් ගන්නම්
අපි මේ දවස් ටිකේ වැඩ කටයුතු කලේ කොහොමද කියල කියන්න.
කොටින්ම කියනවා නම් අපි නිවාඩු කලේ ඇතුලත කරපු කිසිම දෙයක් තිබුනේ නෑ.
අපේ පෙර වාසනාවකට පහුගිය දෙසැම්බර් 21 වෙනිද
2010 RCSS ලේකම් හිටිය නිශාන කේලම්බි අය්යයි
2010 RCSS සැරසිලි භාරව කටයුතු කරපු බුද්ධි අය්යයි එක්ක meeting එකක් ගන්න අපිට පුළුවන් වුනා.
අපි ඒ අය්යලට අපේ decoration plans පෙන්නුවා.
එයාල අපිට වැඩ දෙයක් දන්න අයනේ.
ඒ අය්යලගේ අදහසට අනුව අපේ ගව තිබුනේ ලක්ෂ එකහමාරක් විතර යන idea එකක්.
අපිටත් වැඩේ ඇත්ත කියල තේරුණා.
එදා එතන හිටියෙ විධයක මණ්ඩලය අය විතරයි එක නිසා වහාම ක්‍රියාත්මක වෙන පරිදි
සැරසිලි කටයුතු වෙනස් කරා. ඒ අනුව අපේ කලින් තිබුන
තේමාව අයින් වෙනව.
දැන් වැඩ කෙරෙන්නෙ අලුත් theme එකකට.
එක නිසා ඔව්ව මෙව්වා දැනුම දෙන්නත් එක්ක අපි ලොකු meeting එකක් පැවැත්තුවා.
ඒ දෙසැම්බර් 23 වෙනිද.
එදා අපේ ගොඩක් කට්ටිය එතෙන්ට රැස් උනා.
සාර්ථක රැස්වීමක්. කොහොම හරි කට්ටිය එදා ටිකකක් බය වුනා.
මොකද
Richmond Science Day එක කියන්නේ
කාටවත් දෙවෙනි වෙන ජාතියේ එකක් නෙවෙයි.
කාටවත් බාල්දු වෙන ජාතියේ එකක් නෙවෙයි.
කව්රුවත් copy කරල කරන එකක් නෙවෙයි.

එක අපිටම අවේනික
අපේම අලුත් අදහස් වලින් පිරුන
කාටවත් අපෙන් උදුරා ගන්න බැරි
Richmond අපිටම උරුම
වෙනමම සංස්කෘතියක්.
ඉතින් අපි ඒ වගේ විශේෂ දෙයක් පොඩි වැරද්දක්වත් ඇති නොවෙන විදියටහොඳට සැලසුම් කරල කරන්න ඕනෙ.
අපි බය වුනේ ඒ වෙනකොට අපි කරපු දෙයක් නැති නිසා.
කට්ටිය එදා නම් ටිකක් රත් වුනා
මොකද RCSS එකට හැම වාරෙකම එක අභියෝගයක් හම්බු වෙනව
ඒ තමයි කලින් අව්රුද්දට වැඩ උසස් විදිය Science Day එකක් කරන එක.
ඒ අභියෝගේ අපිටත් තියෙනවනේ
එක නිසා කඩියෝ ටික වගේ කට්ටිය එදාම වැඩේට enter වුනා.
ඔන්න ඊට පස්සෙ අපි fan part එකට බැස්සේ.
හඬ කැවීම.
එකට අපි යොදාගත්තේ පහුගිය බ්‍රහස්පතින්දා(29)
උදේ 8ට විතර කට්ටිය සෙට් උනා.Mic එහෙම හොයන වැඩේ පටන් ගන්නකොට කොහොමහරි 9 විතර උනා.
එක නම් හරිම විනෝද ජනක පැය කීපයක්.
මුළු Bio Lab එකම සිනහවෙන් පිරිලා ඉතිරිලා ගියා.


අපිට පට්ට Voice ටිකකුත් හම්බ වුනා.
මාරම Fun.
කොහොමෙන් කොහොම හරි දවල් 3 විතර වෙනකො.
විදුලිබල මණ්ඩලේ අපිට කොලොප්පන් කරන්න පටන් ගත්ත.එත් ටික වෙලාවකින් හොයල බලද්දී එක මණ්ඩලේ වැරද්දක් නෙවෙයි
අපි හිටිය building එකේ වැරද්දක්.එක නිසා අපි වහාම ක්‍රියාත්මක වෙන පරිදි L- Block එකට මාරු වුනා.
කොහොමත් හවස 5.30 විතර වෙනකොට
විනාඩි 10ක Video Clip එකෙන් විනාඩි 4ක් විතර
ඉතුරු ටික හැකි ඉක්මනින් කරලා ඉවර කරනව.
ඊට පස්සේ අද ඉස්කෝලේ පටන් ගත්තනේ.
අපේ කට්ටිය සේරම උදේ පාන්දර L-Block
එකට වාර්තා කරලා තිබුන.
එතෙන්දි කට්ටියට අද දවසේ කෙරෙන්න ඕනේ වැඩ ටික බර දීල
කට්ටිය ඒ ඒ තැන වලට පිටත් කරලා යැව්වා.
ඊට පස්සේ මේ අලුත් අව්රුද්දෙ පලවෙනි පාරට
අපේ රැස්වීම් ශාලාව open කරා.
එතෙන්දි කට්ටියට අද දවසේ කෙරෙන්න ඕනේ වැඩ ටික බර දීලකට්ටිය ඒ ඒ තැන වලට පිටත් කරලා යැව්වා.
ඊට පස්සේ මේ අලුත් අව්රුද්දෙ පලවෙනි පාරට
අපේ රැස්වීම් ශාලාව open කරා.
අද දවසේ සේරම වැඩ කටයුතු කෙරුනේ එතන
සමරු කලාපයේ වැඩ කටයුතු
තව දවස් 30ක් විතර තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ
ඉතුරු සේරම වැඩ ටික කරන්න.
මොකද අපි ගාව හොඳම වැඩ කාරයෝ ටිකකුයි.
බොක්කෙන් බැහැල වැඩ කරන කොල්ලෝ ටිකකුයි ඉන්නවා.
මේ අය නිසා මේ අවරුද්දේ හොඳම Science Day එක
බොක්කෙන් බැහැල වැඩ කරන කොල්ලෝ ටිකකුයි ඉන්නවා.මේ අය නිසා මේ අවරුද්දේ හොඳම Science Day එක
එන පෙබරවාරියේදී බලාගන්න පුළුවන් වේවි
එහෙනම් අදට නවතිනව අපි.
සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට








No comments:
Post a Comment
අපි ගැන හොඳ නරක කියන්න