Thursday, January 2, 2014

"අපි කරන එව්වා"

 
නිවාඩුවත් ඉවරඋනා,,,... හ්ම්ම්ම්, පැල් බැඳගෙන පාඩම් කරන්න හිතන් හිටියා, හැබැයි අපේ කොල්ලො නම් ඉස්කොලෙම කියල කියන්නත් පුලුවන් .  ඉස්කොලෙට යන හැම වෙලාවකම අපෙ ඔලුවට එන්නෙ, "සියල්ල RICHMOND නමටය කිසිවක් නොවෙ තමනට" යන උදාර හැඟීම. මහන්සියක් දැන්නෙනෙම නෑ අම්මපා. හැබැයි බඩගිනි නම් දැනෙනවා BUT,ඒවා NORMAL.

                 අපි කරපු වැඩ ගැන මම බොහොම කෙටියෙන් කියන්නම් මොක්කද මම මේක ලියන්නෙත් ෆෝන් එකෙන්, පට්ට වෙලාවක් යනවා ලි‍යන්න.

      අපි DECORATION වැඩ පටන් ගත්තා., වඩේ නැගලා යනවා. අදහස් උදහස් නම් හ්ම්ම්, මේව ප්‍රසිද්දියෙ කියන්න මට අවසර නැහැ. SO මම මෙහෙම කියන්නම්, SHIRTS PRINT වෙමින් පවතිනවා . BOOKMARKS ගැන ඉතින් අපි ගත්තම කියන්න දෙයක් නෑනෙ. සොමාලියාවට යවපු බත් පැකට් වාගෙ තමයි. BOOKMARKS ගියේ.
                    දැන් පෝඩි කොමිටි වලට කස්ටිය බෙදල හමාරයි. DECORATIONS ගැන මන් කලින් කිව්වනෙ. QUIZ එකේ සහෝදරයන්ට නම් පුදුම උනන්දුවක් තියෙන්නෙ FATTAI. COMMITTEE එකේ එවුන් QUIZ එක පැත්ත පලාතෙ යන්න බයයි. මොකද අහන ප්‍රශ්නෙකට උත්තර‍යක් පටලගන්න බැරි උනොත් නෝන්ඩි නේ. අපේ DUB එක කරන්නෙත් සුපිරි හාදයො ටිකක් තමයි. උන්ට නම් ඒවගෙ සීදේවි අදහස් කොහොම හිතෙනවද මන්ද. අපේ ගවේශන MAGAZINE එක මේ පාර සුපිරියටම කරන්න බැහැලා වැඩ කරන නියම කතෘ මණ්ඩලයක් සෙට්වෙලා දැන් හෝ ගාලා වැඩ. අපේ අවට පාසල් වලින් ලැබුනු සහාය මේ අවස්තාවෙ අපි මතක් නොකරොත් ඒක ලොකු අඩුවක්. විශේෂයෙන්ම ගාල්ලෙ (කු)ප්‍රකට බාලිකා පාසල් වලින් ලැබිච්ච ARTICLES තොගේ දැක්කාම අපි තනි වෙලා නෑ කියලා සක් සුදක් සේ පැහැදිලි උනා. DRAMA එක ගැන අහන්න දෙයක් නැති තරම්. සුපිරිම වැඩකාරයෝ. හ්ම්ම්.,,. BAND එකේ නම් ඉන්නෙ MAXA කොල්ලො ටිකක්. ලොකු කමකට කියනවා නෙවෙයි. ඒත් උන්ට ගහන්න නම් ඉතින් මේ ගාල්ලෙ වෙන BAND නෑ. (මම කිව්වෙ පාසල් මට්ටමෙන්) .

                ඒත් DAY එකට සල්ලි තමයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ. මේ අතරේ අපේ සහෝද‍ර සුප්‍රසිද්ද යැයි කියාගන්නා පාසලක් කිය කියා යනවලු, අපි ලක්ස 8ක BUDGET එකක් කරනවා කියලා. මේක අහපු අපේ COMMITTEE එක්කේ එවුන් මාස ගානකට හරියන්න බඩ පැලෙන්න හිනා වුනා. මංගල්‍යක් කතා කරනවා. ලක්ස 8කින් DAYS 5ක් ක‍රන්න තිබ්බා. ඇත්ත නම් ඇත්ත බොරු නම් බොරු කියමු බලන්න.

                              මට නම් දැන් කැපෙන්න වෙන පාටක් තියෙන්නෙ, අම්මා කෑගහනව පාඩම් කරන්න කියලා.
                        මේ BLOG එක බාරදීපු දවසෙ මනුර අයියා කිව්වෙ "මල්ලී මේ BLOG එක්කේ අරමුණ කැපවෙලා වැඩ කරන කොල්ලො දිරිමත් කිරිම. නැතුව මේ ඔය වෙන වෙන නලුවො ඇඩ් එක කරන එක නෙවෙයි, " ඔන්න ඔහොම තමයි. බ්ලොග් පිටුව පටන් ගත්තෙ. ඒක තමයි මේ BLOG එක්කේ උදාර අරමුණ.

                                  මම මෙතනින් නවතින්නම් සහොදර සහෝදරියනි, ලියන්න නම් දේවල් ගොඩායි. ඒත් වෙලාව තමයි හැමෝටම නැත්තෙ. මට මතක් කරලා ලියන්න බැරි වෙච්ච කවුරු හරි සහෝදරයෙක් ඉන්නවනම්. කියන්න තියෙන්නෙ වරදක් කලත් සිතකින් නොවේ කියලා.
 
                    එන්නාම්.,.,.... :D

Sunday, December 8, 2013

අපේ කතාව

 
මීට අවුරුදු දෙකකට කලින් අපි ඒ ලෙවල් පන්තියට ආපු ගමන් ම අපි හැමෝම ඩොක්ටර් කෙනෙක්, එහෙමත් නැත්නම් ඉන්ජිනියර් කෙනෙක් වෙලා හිටි‍යා. අපේ අම්මලා තාත්තලා, ගුරුවරු, අයියලා අක්කලා ඉස්සරහට එන අවුරුදු දෙක ගත කරන්න ඕන විදිය ගැන අපිට පත ලෙක්චර්ස් දුන්නා. අනේ ඉතින් අපිත් ඒවා අහලා අපේ හීනයි, හැමෝම එක්ක එකතු කරලා මවලා පෙන්නපු හීනයි එකතු කරලා එක හීනයක් හදාගෙන ෆේස් බුක්, මොබයිල් ෆෝන්ස්, මියුසික්, ස්පෝට්ස් එහෙම අයින් කරලා ඉන්ජිනේරු/දොස්තර ජීවිතේ ඉස්සරහට අරන් යන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම මාර ගෝ එකකින්, ඒත් ඒ ගෝ එක කාලෙත් එක්ක වැඩි වෙන ශීඝ්‍රතාවෙකින් අඩු වෙන්න පටන් ගත්තා. අපි පලවෙනි ටර්ම් ටෙස්ට් එක ලිව්වා. ලකුනු පනහ පන්නන්න පුලුවන් වුනේ එක අතක ඇඟිලි ගාණටත් අඩු ගානකට විතරයි. අපිට හිතෙන්න ගත්තා අපිට කොතන හරි වැරදිලා කියලා. අපේ ඉන්ජිනේරු/දොස්තර ජීවිත රික්ටර් මාපකේ 9ට වැඩි භූමිකම්පාවකින් සරල අනුවර්තී චලිතයක යෙදෙන්න පටන් ගත්තා ම හැම දේම චූටි චූටි කෑලි වලට කැඩිලා ගිහින් අන්තේමේ අපිත් ඒ භූමිකම්පාවටම අහුවෙලා කුඩු පට්ටන් වෙලා යයි කියලා අපිට බය හිතෙන්න ගත්තා. 

 
 
ඒ බය අස්සෙන් ම අපි කල්පනා කරන්න ගත්තා. නෑ, අපි ඒක හිතලා කරේ නෑ. ඉබේටමයි වුනේ. "ඇත්තටම අපිට කොතන ද වැරදුනේ? ඒ වැරැද්ද හදන්න බැරි ද?" අපි කරලා තියෙන්නෙ "රවුම් හීන ලොකෙක" ජීවත් වෙන ගමන්, ඒකෙ කොනක් හොයන්න ට්‍රයි කිරීමක් බව අපිට තේරෙන්න ගත්තා. කමක් නෑ. අපි තාම පරක්කු නෑ කියලා අපි හිතුවා. ඔව්. ඇත්තටම අපි පරක්කු නෑ එතකොට. අපි ආපහු ෆේස් බුක් රිඇක්ටිවේට් කරා. ඒත් වෙනදා වගේ පිස්සු ම කෙලින්න ගියේ නෑ. ෆෝන් එකත් අතට ගත්තා. සින්දුත් කිව්වා. ස්පෝර්ට්ස් කරන්නත් ගත්තා. ඒත් ඒ හැම දෙයක් අස්සෙම අපි අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අඟල් හයේ බ0කු වල පස්ස පැත්ත රිදෙන කම් ඉඳගෙන ඉගෙනගත්තු "බල සමතුලිතතාවය" අපේ ජීවිත ඇතුලෙ අපි අත් හදා බැලුවා. අපි ට්‍රිප් දෙකක් ගියා. ආර්.පී.එල් ගැහුවා. බිග් මැච් පෙරඩ් එකේ දි ආයෙමත් පිස්සු නැටුවා. පුදුමෙ කියන්නෙ මේ ඔක්කොම අස්සෙත් ඊලඟ ටර්ම් ටෙස්ට් අපිට මුලින් ම පාර වගේ කොචොක් කරේ නෑ. නෑ, අපි එහෙම කරන්න ටර්ම් ටෙස්ට් වලට ඉඩ දුන්නෙ නෑ.

ඉස්සර අපි අර දොස්තරලා ඉන්ජිනේරුවො වෙලා හිටපු කාලෙ අපිට ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඇත්තටම මේ කෙමිස්‍රි, ෆිසික්ස්, බයෝ, මැත්ස් තියෙන්නෙ කොහෙ ද? අපි කවුරුවත් ඒ කාලෙ හරියටම දැනගෙන හිටියෙ නෑ. සමහරු හිතුවා මේවා තියෙන්නෙ මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැති "ටියුට්, පේපර්" අස්සෙ කියලා. තවත් සමහරු හිතුවා මේ හතර දෙනා අපිව ස්වර්ගෙට එක්කන් යන්න ආපු සුරදූතයො හතර දෙනෙක් කියලා. තව අය හිතුවා ෆිසික්ස්, කෙමිස්‍රි තියෙන්නෙ අපේ ඉන්ජිනේරුකම, දොස්තරකම ඇතුලෙ කියලා. අනේ එක එක අය එක එක ඒවා හිතුවා. 

 

ඒත් අද, අවුරුදු දෙකකට පස්සෙ අපි හරියට ම දන්නවා මේවා තියෙන්නෙ කොහෙද කියලා. බිම වැටෙන පොල් ගෙඩියෙ, හඳට යන රොකට් එකේ, හූ කියාගෙන යන කෝච්චියෙ ඉඳන් එකී නොකී හැම තැනම ෆිසික්ස් තියෙනවා. එතකොට අපි කන ටිපිටිප් එකේ, අපි ලියන බෝල් පොයින්ට් පෑනෙ, අඳින ඇඳුමෙ අපේ ඇඟේ හැම තැනම කෙමිස්‍රි තියෙනවා. බයෝ, මැත්ස් දෙකත් ඒ වගේමයි. හැම තැනම තියෙනවා. ඒත් එක තැනක නෑ. අපි මුලින් ම හිතන් හිටිය විදියට "පොත් වල පිටු අස්සෙ" විතරයි මේවා නැත්තෙ. 

ඉතින් අපි මේ ඉගෙන ගත්තු දේවල්, අපි හොයාගත්තු දේවල්, අපිට වැරදුනු තැන්, ඒවා අපි හදාගත්ත විදි, අපිට කරන්න පුලුවන් දේවල්, ඊනීයා ඉන්ජිනේරු, දොස්තර හීන වලින් මිදිලා ඇත්තම දොස්තරලා, ඉන්ජිනේරුවො වෙන්න අපි යන පාරෙ දි අපිට හම්බ වෙච්චි දේවල් ඔක්කොම අපි වචන දෙකකින් ඔයාලට පෙන්නනවා. "විදුරුත් නින්නද" කියන වචන දෙක ඇතුලෙ ඒ ඔක්කොම තියෙනවා. අපි කවුරුද කියලා අපි ඔයාලට පෙන්නනම්. පම්පෝරි ගහනවා නෙවෙයි. ඇත්තටම ඔයාලට පුදුම හිතෙයි.
 

Thursday, January 5, 2012

අරුත්බර දිනයක අවසානය

අද නම් පලවෙනි පාරට බ්ලොග් එක ඉස්කෝලේ ඉඳන් ලියන්න පුළුවන් උනා 
මහා රෑ රිච්මන්ඩ් කන්දට එන එකත් Fun වැඩේ :D
ඒ විස්තර පස්සේ කියන්නම්කො ...

Monday, January 2, 2012

තව දින 30යි !!!!

මුලින්ම කියන්න ඕනෙ හැමෝටම ලැබුවාවූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල.
මේ දවස් වල බ්ලොග් එක ලියන්නවත් හරියට වෙලාවක්  හම්බ වුනේ නෑ.