අපි කරපු වැඩ ගැන මම බොහොම කෙටියෙන් කියන්නම් මොක්කද මම මේක ලියන්නෙත් ෆෝන් එකෙන්, පට්ට වෙලාවක් යනවා ලියන්න.
අපි DECORATION වැඩ පටන් ගත්තා., වඩේ නැගලා යනවා. අදහස් උදහස් නම් හ්ම්ම්, මේව ප්‍රසිද්දියෙ කියන්න මට අවසර නැහැ. SO මම මෙහෙම කියන්නම්, SHIRTS PRINT වෙමින් පවතිනවා . BOOKMARKS ගැන ඉතින් අපි ගත්තම කියන්න දෙයක් නෑනෙ. සොමාලියාවට යවපු බත් පැකට් වාගෙ තමයි. BOOKMARKS ගියේ.
දැන් පෝඩි කොමිටි වලට කස්ටිය බෙදල හමාරයි. DECORATIONS ගැන මන් කලින් කිව්වනෙ. QUIZ එකේ සහෝදරයන්ට නම් පුදුම උනන්දුවක් තියෙන්නෙ FATTAI. COMMITTEE එකේ එවුන් QUIZ එක පැත්ත පලාතෙ යන්න බයයි. මොකද අහන ප්‍රශ්නෙකට උත්තරයක් පටලගන්න බැරි උනොත් නෝන්ඩි නේ. අපේ DUB එක කරන්නෙත් සුපිරි හාදයො ටිකක් තමයි. උන්ට නම් ඒවගෙ සීදේවි අදහස් කොහොම හිතෙනවද මන්ද. අපේ ගවේශන MAGAZINE එක මේ පාර සුපිරියටම කරන්න බැහැලා වැඩ කරන නියම කතෘ මණ්ඩලයක් සෙට්වෙලා දැන් හෝ ගාලා වැඩ. අපේ අවට පාසල් වලින් ලැබුනු සහාය මේ අවස්තාවෙ අපි මතක් නොකරොත් ඒක ලොකු අඩුවක්. විශේෂයෙන්ම ගාල්ලෙ (කු)ප්‍රකට බාලිකා පාසල් වලින් ලැබිච්ච ARTICLES තොගේ දැක්කාම අපි තනි වෙලා නෑ කියලා සක් සුදක් සේ පැහැදිලි උනා. DRAMA එක ගැන අහන්න දෙයක් නැති තරම්. සුපිරිම වැඩකාරයෝ. හ්ම්ම්.,,. BAND එකේ නම් ඉන්නෙ MAXA කොල්ලො ටිකක්. ලොකු කමකට කියනවා නෙවෙයි. ඒත් උන්ට ගහන්න නම් ඉතින් මේ ගාල්ලෙ වෙන BAND නෑ. (මම කිව්වෙ පාසල් මට්ටමෙන්) .
ඒත් DAY එකට සල්ලි තමයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ. මේ අතරේ අපේ සහෝදර සුප්‍රසිද්ද යැයි කියාගන්නා පාසලක් කිය කියා යනවලු, අපි ලක්ස 8ක BUDGET එකක් කරනවා කියලා. මේක අහපු අපේ COMMITTEE එක්කේ එවුන් මාස ගානකට හරියන්න බඩ පැලෙන්න හිනා වුනා. මංගල්‍යක් කතා කරනවා. ලක්ස 8කින් DAYS 5ක් කරන්න තිබ්බා. ඇත්ත නම් ඇත්ත බොරු නම් බොරු කියමු බලන්න.
මට නම් දැන් කැපෙන්න වෙන පාටක් තියෙන්නෙ, අම්මා කෑගහනව පාඩම් කරන්න කියලා.
මේ BLOG එක බාරදීපු දවසෙ මනුර අයියා කිව්වෙ "මල්ලී මේ BLOG එක්කේ අරමුණ කැපවෙලා වැඩ කරන කොල්ලො දිරිමත් කිරිම. නැතුව මේ ඔය වෙන වෙන නලුවො ඇඩ් එක කරන එක නෙවෙයි, " ඔන්න ඔහොම තමයි. බ්ලොග් පිටුව පටන් ගත්තෙ. ඒක තමයි මේ BLOG එක්කේ උදාර අරමුණ.
මම මෙතනින් නවතින්නම් සහොදර සහෝදරියනි, ලියන්න නම් දේවල් ගොඩායි. ඒත් වෙලාව තමයි හැමෝටම නැත්තෙ. මට මතක් කරලා ලියන්න බැරි වෙච්ච කවුරු හරි සහෝදරයෙක් ඉන්නවනම්. කියන්න තියෙන්නෙ වරදක් කලත් සිතකින් නොවේ කියලා.
එන්නාම්.,.,.... :D
