මීට අවුරුදු දෙකකට කලින් අපි ඒ ලෙවල් පන්තියට ආපු ගමන් ම අපි හැමෝම ඩොක්ටර් කෙනෙක්, එහෙමත් නැත්නම් ඉන්ජිනියර් කෙනෙක් වෙලා හිටියා. අපේ අම්මලා තාත්තලා, ගුරුවරු, අයියලා අක්කලා ඉස්සරහට එන අවුරුදු දෙක ගත කරන්න ඕන විදිය ගැන අපිට පත ලෙක්චර්ස් දුන්නා. අනේ ඉතින් අපිත් ඒවා අහලා අපේ හීනයි, හැමෝම එක්ක එකතු කරලා මවලා පෙන්නපු හීනයි එකතු කරලා එක හීනයක් හදාගෙන ෆේස් බුක්, මොබයිල් ෆෝන්ස්, මියුසික්, ස්පෝට්ස් එහෙම අයින් කරලා ඉන්ජිනේරු/දොස්තර ජීවිතේ ඉස්සරහට අරන් යන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම මාර ගෝ එකකින්, ඒත් ඒ ගෝ එක කාලෙත් එක්ක වැඩි වෙන ශීඝ්‍රතාවෙකින් අඩු වෙන්න පටන් ගත්තා. අපි පලවෙනි ටර්ම් ටෙස්ට් එක ලිව්වා. ලකුනු පනහ පන්නන්න පුලුවන් වුනේ එක අතක ඇඟිලි ගාණටත් අඩු ගානකට විතරයි. අපිට හිතෙන්න ගත්තා අපිට කොතන හරි වැරදිලා කියලා. අපේ ඉන්ජිනේරු/දොස්තර ජීවිත රික්ටර් මාපකේ 9ට වැඩි භූමිකම්පාවකින් සරල අනුවර්තී චලිතයක යෙදෙන්න පටන් ගත්තා ම හැම දේම චූටි චූටි කෑලි වලට කැඩිලා ගිහින් අන්තේමේ අපිත් ඒ භූමිකම්පාවටම අහුවෙලා කුඩු පට්ටන් වෙලා යයි කියලා අපිට බය හිතෙන්න ගත්තා.
ඒ බය අස්සෙන් ම අපි කල්පනා කරන්න ගත්තා. නෑ, අපි ඒක හිතලා කරේ නෑ. ඉබේටමයි වුනේ. "ඇත්තටම අපිට කොතන ද වැරදුනේ? ඒ වැරැද්ද හදන්න බැරි ද?" අපි කරලා තියෙන්නෙ "රවුම් හීන ලොකෙක" ජීවත් වෙන ගමන්, ඒකෙ කොනක් හොයන්න ට්‍රයි කිරීමක් බව අපිට තේරෙන්න ගත්තා. කමක් නෑ. අපි තාම පරක්කු නෑ කියලා අපි හිතුවා. ඔව්. ඇත්තටම අපි පරක්කු නෑ එතකොට. අපි ආපහු ෆේස් බුක් රිඇක්ටිවේට් කරා. ඒත් වෙනදා වගේ පිස්සු ම කෙලින්න ගියේ නෑ. ෆෝන් එකත් අතට ගත්තා. සින්දුත් කිව්වා. ස්පෝර්ට්ස් කරන්නත් ගත්තා. ඒත් ඒ හැම දෙයක් අස්සෙම අපි අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අඟල් හයේ බ0කු වල පස්ස පැත්ත රිදෙන කම් ඉඳගෙන ඉගෙනගත්තු "බල සමතුලිතතාවය" අපේ ජීවිත ඇතුලෙ අපි අත් හදා බැලුවා. අපි ට්‍රිප් දෙකක් ගියා. ආර්.පී.එල් ගැහුවා. බිග් මැච් පෙරඩ් එකේ දි ආයෙමත් පිස්සු නැටුවා. පුදුමෙ කියන්නෙ මේ ඔක්කොම අස්සෙත් ඊලඟ ටර්ම් ටෙස්ට් අපිට මුලින් ම පාර වගේ කොචොක් කරේ නෑ. නෑ, අපි එහෙම කරන්න ටර්ම් ටෙස්ට් වලට ඉඩ දුන්නෙ නෑ.
ඉස්සර අපි අර දොස්තරලා ඉන්ජිනේරුවො වෙලා හිටපු කාලෙ අපිට ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඇත්තටම මේ කෙමිස්‍රි, ෆිසික්ස්, බයෝ, මැත්ස් තියෙන්නෙ කොහෙ ද? අපි කවුරුවත් ඒ කාලෙ හරියටම දැනගෙන හිටියෙ නෑ. සමහරු හිතුවා මේවා තියෙන්නෙ මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැති "ටියුට්, පේපර්" අස්සෙ කියලා. තවත් සමහරු හිතුවා මේ හතර දෙනා අපිව ස්වර්ගෙට එක්කන් යන්න ආපු සුරදූතයො හතර දෙනෙක් කියලා. තව අය හිතුවා ෆිසික්ස්, කෙමිස්‍රි තියෙන්නෙ අපේ ඉන්ජිනේරුකම, දොස්තරකම ඇතුලෙ කියලා. අනේ එක එක අය එක එක ඒවා හිතුවා.
ඒත් අද, අවුරුදු දෙකකට පස්සෙ අපි හරියට ම දන්නවා මේවා තියෙන්නෙ කොහෙද කියලා. බිම වැටෙන පොල් ගෙඩියෙ, හඳට යන රොකට් එකේ, හූ කියාගෙන යන කෝච්චියෙ ඉඳන් එකී නොකී හැම තැනම ෆිසික්ස් තියෙනවා. එතකොට අපි කන ටිපිටිප් එකේ, අපි ලියන බෝල් පොයින්ට් පෑනෙ, අඳින ඇඳුමෙ අපේ ඇඟේ හැම තැනම කෙමිස්‍රි තියෙනවා. බයෝ, මැත්ස් දෙකත් ඒ වගේමයි. හැම තැනම තියෙනවා. ඒත් එක තැනක නෑ. අපි මුලින් ම හිතන් හිටිය විදියට "පොත් වල පිටු අස්සෙ" විතරයි මේවා නැත්තෙ.
ඉතින් අපි මේ ඉගෙන ගත්තු දේවල්, අපි හොයාගත්තු දේවල්, අපිට වැරදුනු තැන්, ඒවා අපි හදාගත්ත විදි, අපිට කරන්න පුලුවන් දේවල්, ඊනීයා ඉන්ජිනේරු, දොස්තර හීන වලින් මිදිලා ඇත්තම දොස්තරලා, ඉන්ජිනේරුවො වෙන්න අපි යන පාරෙ දි අපිට හම්බ වෙච්චි දේවල් ඔක්කොම අපි වචන දෙකකින් ඔයාලට පෙන්නනවා. "විදුරුත් නින්නද" කියන වචන දෙක ඇතුලෙ ඒ ඔක්කොම තියෙනවා. අපි කවුරුද කියලා අපි ඔයාලට පෙන්නනම්. පම්පෝරි ගහනවා නෙවෙයි. ඇත්තටම ඔයාලට පුදුම හිතෙයි.
.jpg)
.jpg)
.jpg)
